දීපවාලි වෙනුවට ලැබෙන නිවාඩුව
හෙට(04) දිනට යෙදී ඇති දීපවාලි උත්සවය නිමිත්තෙන් පළාත් කිහිපයක ද්‍රවිඩ මාධ්‍ය පාසල් සඳහා අනිද්දා(05) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ද්‍රවිඩ පාසල් සඳහා මෙලෙස නිවාඩු ලබාදීමට එම පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත.
එමෙන්ම, එම දිනය වෙනුවට ලබන 13 වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.