ඇඟලුම් ක්ෂේත්රයටත් විද්‍යාවේදී උපාධි පාඨමාලාවක්…
පළමු වරට ඇඟලුම් ක්ෂේත්රය සම්බන්ධ විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින්.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය පැවසුවේ, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් මෙම පාඨමාලාව ක්‍රියාත්මක බවයි.
මෙම පාඨමාලාවේ පළමු කණ්ඩායමට සිසුන් 60ත් 100 ත් අතර පිරිසක් ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය සඳහන් කරනවා.