Latest News

සත්වෝද්‍යාන වල සතුන්ටත් ආහාර හිඟයක්

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නොමැති බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

ඔවුන් මේ බව සඳහන් කලේ, අද (31) වනජීවි දෙපාර්තමේන්තුවේදී පැවැති සාකච්ඡාවක දී යි.

විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම මෙන්ම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු නිසා සත්වෝද්‍යාන වල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව නිලධාරීන් පවසනවා.

එසේම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි, රැකබලාගැනීම සඳහා වසරකට රුපියල් මිලියන 45ක මුදලක් වැයවන බවද මෙහි දී අනාවරණ වුණා.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම් සිදු කළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපියල් මිලියන 59ක මුදලක්, හිඟ මුදල් වශයෙන් ගෙවීමට පවතින බවත් වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමග අඩුම තරමින් රුපියල් මිලියන 120ක පමණ මුදලක් අවශ්‍යව පවතින බවත් මෙහි දී නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.