Latest News

දෛවයට අභියෝග කරමින් සා/පෙළ දස්කම් දැක්වූ දෙව්මි රන්සරා ජීවිතයෙන් සමුගනියි

ගත සවි නැතත් සිතේ සවියෙන් අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ නවයක් ලබා ගනිමින් කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.

උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් වී තිබෙනවා.

සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු සිසුවියක්.