ඩයනාගේ නඩුව ගැන CIDයට නියෝගයක්
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාළ කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අදාළ පැමිණිල්ල අද (23) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළ බව වාර්තා වනවා.
එම ප්‍රකාශ ලැබීමෙන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32වන වගන්තිය යටතේ ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් ඉදිරිපත්කර ඇති ඉල්ලීම සලකාබැලිය හැකිද ? නැද්ද ? යන්න තීරණය කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.
අනතුරුව පැමිණිල්ල ලබන අප්‍රේල් මස 6 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.