Latest News

ගණිකා වෘත්තීය නීතිගත කරන්න කියලා කොහෙවත් කියලා නෑ – ඩයනා ගමගේ

තමන්ට ලැබුණ අමාත්‍ය ධූරය, ඇමතිකමක් නොවන බවත් එය රාජකාරියත් බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරනවා.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය සඳහන් කලේ, තමන්ට ලැබුණ රාජකාරිය ඉෂ්ඨ කිරීමට කිසිදු පුද්ගලයෙකුගේ අනිසි බලපෑම් වලට යටත් නොවන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කලේ,

“සංචාරක රාජ්‍ය ඇමතිකම හැටියට මට භාර දීලා තියෙන්නේ, ඇමතිකමක් නෙමෙයි, රාජකාරියක්. මම මගේ රාජකාරිය ඉෂ්ඨ කරන්න ඕනි. ඒ රාජකාරිය ඉෂ්ඨ කරන්න මම කාගේවත් අනිසි බලපෑම් වලට යටත් වෙන්නෙත් නැහැ. මම බයත් නැහැ ඒවා කරන්න. අනිත් එක ගණිකා වෘත්තියක් මේකට පටල ගත්තට මොකක්ද කියන්න මම දන්නේ නෑ, මම ගණිකා වෘත්තීය නීතිගත කරන්න කියලා කොහෙවත් කියලා නෑ. මම ඒගොල්ලන්ට විරුද්ධව නඩු දානවා.” යනුවෙන්.