Latest News

ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අභියාචනාධිකරණයට පෙත්සමක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඒ, සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පාලක, මහජන ආරක්ෂක ඇමතිවරයා, සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

අදාළ පෙත්සම මගින් ඔහු කියා සිටින්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවයි.

මේ හේතුවෙන් ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කොට එය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ඩයනා ගමගේගේ පුරවැසිභාවය පිළිබඳ සියලු‍ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.