Latest News

අරගලයට එක් වූ දිල්හානි කළ ආන්දෝලනාත්මක කතාව

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩව පැවැත්වෙන විරෝධතාවට ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ද එක්ව තිබෙනවා.

අරගලයේ නිරත තරුණ තරුණියන්ගේ විරෝධතාවයට තමන්ගේ ශක්තිය සහ දායකත්වය ලබාදෙන බව ඇය සඳහන් කළා.

මේ අතර අරගලයේ නිරත පිරිස අමතා එහි බැරියර් එකක් මත නැගී ඇය සඳහන් කලේ,

“මම මේ අරගලය පටන් අරන් ගොඩක් කල් වෙනවා. තනිවම සටන් කළා ඇත්තටම මේ වෙනුවෙන්, අපි අනාගතය දැක්කා හුඟක් කල් ඉඳලා ,ගොඩක් අයට ඒක කිව්වාට තේරුනේ නැහැ . අද අපි ඒකේ විපාක විදිනවා.අද මට තියෙන එකම ශක්තිය මේ රටේ තරුණ දරුවන් ටික නැගිටීම. ඒක තමයි අපේ ශක්තිය. අපිට මේ අරගලය කරන්න බෑ. අපිට ගතේ ශක්තිය නැහැ අපිට තියෙන්නේ හිතේ ශක්තිය පමණයි. මේ රටේ ඉන්න දහසක් අම්මාවරු ඕගොල්ලන්ට මේ ශක්තිය දෙනවා. අපි ගෙවල් වල හිටියට හරියට කන්න නැහැ. නින්දක් නැහැ. හැමවෙලේම ඕගොල්ලන්ව මතක් වෙනවා. ඒ නිසා පුළුවන් විදියට මෙතනට දුවගෙන එනවා. ඇත්තටම දරුවනේ මේ රට ගැන මට ජිවිතේ ලොකු බයක් තිබ්බා. අද වෙනකොට ඒක නැහැ. මන් දන්නවා ඕගොල්ලෝ ඒක අනිවාරයෙන්ම නිවැරදි කරනවා කියලා. ඒ ලස්සන රටේ අපිට මැරෙන්න අවස්ථාව අරන් දෙන්න දරුවනේ එච්චරයි.” යනුවෙන්.