දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගනියි
ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් ශාෆ්ටර් මහතාගේ බිරියගෙන් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
පැය දෙකක කාලයක් ප්‍රශ්න කොට නිලධාරීන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රහස් පොලිස් නිලධාරීන් ඇගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ, ෂාෆ්ටර් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට ද පෙර වීම ද විශේෂත්වයක්.
මෙලෙස ෂාෆ්ටර් මහත්මියගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ, ඇය රැඳී සිටි අංක 39, මල්පාර කොල්ලුපිටිය නිවෙසට ගොස් බව වාර්තා වනවා.
මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා දෙසැම්බර් 15 වනදා අබිරහස් ලෙස මරණයට පත්වුණා.