ආබාධිත නැගණියට විදුලි බලයෙන් ක්‍රියා කරන රෝද පුටුවක් ගන්න වෙහෙසෙන මධුරංග
19 හැවිරිදි සිය ආබාධිත නැගණියද ආරක්ෂා කරගනිමින් ජීවත්වෙන්නට වෙරදරන සහෝදරයෙකු පිළිබඳව හලාවත කුමාරකට්ටුව, පීරිස් වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස තම ආබාධිත නැගණිය රැක බලා ගනිමින් සිටින 22 හැවිරිදි නිශාන් මධුරංග හට මව්පිය සෙනෙසහ පවා අහිමිව ඇති බවයි වාර්තා වන්නේ.
සෞම්‍යා නිශාදි නම් එක කුස උපන් සිය නැගණියව රැකබලා ගැනීම වෙනුවෙන් මධුරංගට අසීමිත වෙහෙසක් දරන්නට සිදුවී තිබෙනවා.
අසල්වැසි නිවසක පදිංචිවී සිටින මවගේ සහෝදරිය නැගණියව රැකබලා ගැනීමට සහාය වන බවත් තමා වඩු කර්මාන්තයේ නිරතවෙමින් ජීවිකාව කරගෙන යන බවත් මධුරංග පවසනවා.
එමෙන්ම තමන්ට හැකි අයුරින් නැගණියගේ සියලු අවශ්‍යතා ඉටු කිරීමට තමන් උත්සාහ ගන්නා බවත් නැගණියගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට විදුලි බලයෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ලබාගැනීම සිය ප්‍රධාන අරමුණක් බවත් ඔහු සඳහන් කළා.
මේ පිළිබඳ වැඩි විස්තර සඳහා අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරු සම්බන්ධ කර ගන්න – 077 3586415