Latest News

හම්බන්තොටට ඩිස්නිලන්තයක්

ශ්‍රී ලංකාවට ඩිස්නිලන්තයක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඩිස්නිලන්තය ශ්‍රී ලංකාව තුළ ඉදි කිරීම සිදු වුවහොත් එය දකුණු ආසියාවේ පළමු වැනි ඩිස්නිලන්තය බවට පත්වනවා.

එම ඩිස්නිලන්තය හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධයෙන් සඳහන් කලේ,

“ඉදිරියට මගේ බලාපොරොත්තු තියෙනවා. ඩොලර් සෑහෙන්න ප්‍රමාණයක ආයෝජකයෝ මාත් එක්ක දැනට කතා කරලා තියෙනවා ලංකාවට එන්න. මේ රටේ විශාල වැඩ කොටසක් කරන්න. ඇත්ත වශයෙන්ම මම මේ වෙලාවේ කියන්න ඕනේ, මාත් එක්ක කතා කරලා තියෙනවා, ලංකාවට ඩිස්නිලෑන්ඩ් එක ගේන්න. ඩිස්නිලෑන්ඩ් එක කරපු ඒ කරන කට්ටිය මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවට ඩිස්නි ලෑන්ඩ් එක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් අපිට විශාල සංචාරකයෝ කොටසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන්.” යනුවෙන්.