Latest News

පොළොන්නරුවේ පරිපාලන නිලධාරිනිය ඝාතනය කලේ ඇයගේ සැමියාද ?

පොළොන්නරුව, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී ඝාතනයට යොදාගත් තියුණු ආයුධය ද (පොරව) සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇති බව වාර්තා වනවා.

ඊයේ (04) අලුයම 2.45ට පමණ තියුණු ආයුධයකින් කළ පහරදීමකින් ඇය ඝාතනය කර ඇති අතර එම පහරදීමෙන් ඇයගේ හිසට බරපතළ තුවාල සිදුවී රෝහල්ගත කිරීමෙන් අනතුරුව නිලධාරිනිය ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කෙසේවෙතත් මියගිය කාන්තාවගේ සැමියා එදින පවසා ඇත්තේ, කිසියම් පුද්ගලයෙක් කාමරය තුළ සිටිනු දුටුවද අඳුර හේතුවෙන් හඳුනාගැනීමට නොහැකි වූ බවයි.

අදාළ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, 42 හැවිරිදි යමුනා පද්මිණී නැමති දෙදරු මවක්.