උපාධිය 22න් ගන්න වෛද්‍ය සංගමයෙන් යෝජනාවක්
වයස අවුරුදු 22 වනවිට වෛද්‍ය උපාධියත් අවුරුදු 20 වනවිට දී මුලික උපාධියත් ලබා දිම සඳහා වූ යෝජනාවලියක් රජයේ වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත්කර තිබෙනවා.
මෙම යෝජානවා ඉදිරිපත් කරමින් වෛද්‍ය සංගමය විසින් සඳහන් කරනුයේ අතීතයේදී ශ්‍රී ලංකාවෙහි වෛද්‍ය උපාධිය වයස අවුරුදු 22-23 වනවිට ද මුලික උපාධිය 20-21 වනවිට ද ලබා දී ඇති අතර වර්තමානය වනවිට දේශපාලන හා අන්තවාදී අර්බුද ද, අධ්‍යාපන පරිපාලනයේ ඇති දුර්වලතා ද හේතුවෙන් රජයේ විශ්ව විද්‍යාල සිසුන් උසස් අධ්‍යාපනය අවසන් කරනුයේ වසර 5ක ප්‍රමාදයක් සහිතව බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවුරුදු 5 ක MBBS උපාධිය කිසිදු කප්පාදුවකින් තොරව වයස අවුරුදු 22 දී ලබා ගැනීමටත්, වසර 3 ක උසස් අධ්‍යාපන කාලය සම්පූර්ණ කර වයස අවුරුදු 20 දී මූලික උපාධිය ලබා ගැනීමටත් හැකි යුගයක් බිහි කිරීම සඳහා වූ සංකල්පීය වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී තිබෙනවා.
මේ අතර උපාධි වයස ප්‍රශස්ථ කිරීම සඳහා සකසන ලද සංකල්පීය වාර්තාව, විද්වතුන්, පාසල් හා විශ්ව විද්‍යාල දරුවන් ඇතුළු මහජනතාවගේ අදහස් වෙනුවෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අද (14) එළිදක්වනු ලැබුවා.