වෛද්‍යවරු 1500කට ආසන්න පිරිසක් රට හැර ගිහින්
2022 වසරේ දී මෙරට වෛද්‍යවරුන් 1500කට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් තිබෙන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ අනුව 2022 වසරේ ජනවාරි මාසයේ වෛද්‍යවරුන් 138ක්, පෙබරවාරි මාසයේ වෛද්‍යවරුන් 172ක්, මාර්තු මාසයේ වෛද්‍යවරුන් 198ක්, අප්‍රේල් මාසයේ වෛද්‍යවරුන් 214ක්, මැයි මාසයේ වෛද්‍යවරුන් 315ක් සහ ජූනි මාසයේ වෛද්‍යවරුන් 449ක් බැගින් මෙරටින් පිටව ගොස් ඇති බව ඔහු වාර්තා කරනවා.
අදාළ සංඛ්‍යා දත්ත අනුව මේ වසරේ පළමු මාස 6ක කාල සීමාව තුළ මෙරට වෛද්‍යවරුන් 1486ක් රට හැර දා ගොස් තිබෙනවා.
ඒ මහතා සඳහන් කලේ, විශ්වාස දායක ආරංචි මාර්ගවලින් තමන්ට දැනගන්නට ලැබුණු දත්ත අනුව මෙම ප්‍රකාශය කරන බවයි.