Latest News

තුවාල ලැබූ ඩොල්ෆින් මත්සයින් තිදෙනෙකු පානදුර වෙරළට

තුවාල ලැබූ ඩොල්ෆින් මත්සයින් තිදෙනෙකු පසුගිය (21) වනදා පස්වරුවේ පානදුර මුහුදු වෙරළට ගොඩගසා තිබෙනවා.

එහිදී ප්‍රදේශවාසීන් මෙම ඩොල්ෆින් සත්වයින් නැවත මුහුදට මුදා හැර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසනවා.

පානදුර ප්‍රධාන සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට මෙම සත්වයින් ගොඩගසා ඇති අතර, ඔවුන් බරපතළ තුවාල ලබා සිට ඇති බව වාර්තා වනවා.