බිහිරි ප්‍රජාවට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබා දෙයි
පූර්ණ බිහිරි භාවය ඇති පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (16) ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා බිහිරි මධ්‍යම සම්මේලනය වසර 40කට ආසන්න කාලයක් තිස්සේ කරන ලද ඉල්ලීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබාදී තිබුණා.
මෙම නියමු වැඩසටහනේ ප්‍රගතිය මත ශ්‍රී ලංකා බිහිරි මධ්‍යම සම්මේලනයේ සාමාජිකයින් ලක්ෂ තුනකට ආසන්න පිරිසකට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබනවා.