Latest News

නීතිවිරෝධී ලෙස කාන්තාවන් ඩුබායි යවන ජාවාරමක් හෙළි වේ…

නීතිවිරෝධී ලෙස කාන්තාවන් ඩුබායි රාජ්‍යය වෙතට යොමුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරක් කොළඹ ආමර්වීදිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම ජාවාරම්කරුවන්ට හසු වී ඩුබායි රාජ්‍යය වෙත ගොස් අනතුරුව ආබාධිතව නැවත මෙරටට පැමිණි කාන්තාවක් විසින් මෙම හෙළිදරව්ව සිදුකර තිබෙනවා.

අදාළ සිදුවීමට මුහුණදී ඇත්තේ ආමර්වීදිය ප්‍රදේශයේ පදිංචි තිදරු මවක්.

එම කාන්තාව චෝදනා කරන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇය විසින් සියලු පාර්ශව දැනුවත් කළ ද මේ වනතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

මේ අතර අදාළ කාන්තාව විසින් වැඩිදුරටත් හෙළිදරව් කළේ මෙලෙස සංචාරක වීසා ඔස්සේ ඩුබායි වෙත යවන කාන්තාවන් එරටදී ගණිකා වෘත්තීයට අලෙවි කිරීමක් ද සිදුකරන බවයි.

අවසානයේ ජාවාරම්කරුවන්ගෙන් බේරී පලායාමට ගත් උත්සාහයකදී ඇයට සිය පාදයක් ද අහිමිව තිබෙනවා.