බිලිං ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
බිලිං 200g
රතුලූනු 30g
අමුමිරිස් කරල් 3
රම්පේ අඟල් 1/4 කැබැල්ලක්
කුරුඳු අඟල් 1/4 කැබැල්ලක්
මිරිස් කුඩු තේ හැඳි 2
කහකුඩු තේ හැඳි 1/4
කරි කුඩු මේස හැඳි 1
උම්බලකඩ කුඩු මේස හැඳි 1
මිටිකිරි අඬුකෝප්ප 2
උළුහාල් ඇට 2
ලුණු රස අනුව
කරපිංචා
සාදන ක්‍රමය
බිලිං හතරට කපා සෝදා මිරිකා පසෙකින් තබන්න.
අනෙකුත් ද්‍රව්‍ය කලවම් කර විනාඩි 2ක් පමණ තැම්බෙන්නට හරින්න.
එයට බිලිං එක්කොට ඉස්ම හිඳෙනතුරු මදගින්නේ පිසගන්න.
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා