Latest News

ලෝක බිත්තර දිනය වෙනුවෙන් ගැබිණි මව්වරු 500කට පෝෂ්‍යදායී ආහාර මල්ලක්

ලෝක බිත්තර දිනය සමරමින් අද දින ප්‍රධාන සමරු වැඩසටහන අඟුණකොළපැලැස්ස පුරහලේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වෙනුවෙන් හෙට දිනයේදී ගැබිණි මව්වරුන් 500කට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පෝෂ්‍යදායී ආහාර ඇතුළත් ආහාර මල්ලක් බැගින් ලබා දීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන හෙට දින පෙරවරු 10,00ට අගුණකොළපෑලැස්ස පුරහලේ දී අමාත්‍යවරයාගේ ප්‍රධාන සහභාගිත්වයෙන් පැවැත්වෙනවා.

ලෝක බිත්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් 14 දිනට යෙදී තිබෙනවා.

1996 දී වියෙනා නුවර දී පළමු වරට බිත්තර සම්බන්ධව ජාත්‍යන්තර දිනයක් වෙන් කළ යුතුයැයි IEC – International Egg Conference හි දී තීරණය කර තිබෙනවා.

එතැන් පටන් සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දී ලෝක බිත්තර දිනය අනෙකුත් බොහෝ රටවල් සමරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ කිසිදු අවස්ථාවක මෙම දිනය සැමරීම සඳහා වැඩසටහන් සංවිධානය කර තිබුණේ නැහැ.