Latest News

“අමාත්‍යංශයට කවුරු හරි ආවම තේකක් දෙන්න සල්ලි නැහැ” – ඩයනා ගමගේ

මේ වන විට රට තුළ මුදල් නොමැතිකම හේතුවෙන් ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කිරීමට සිතාවත් නොමැති අවස්ථාවක ඡන්දයක් පැවැත්වීම ගැන කතා කිරීම විහිළුවක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කලේ, අද (19) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී යි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමිය සඳහන් කලේ,

“මේ.. පාරක අඩුම ගානේ ලයිට් එකක් වත් මාරු කරන්නේ නැහැ නගර සභාවෙන්. මන් දැන් නෑ මම ඉන්න පාරක ලයිට් එකක් මාරු කර ගන්න විදියක් නැහැ මට නගර සභාවට කියලා. ඒ තරමට මේ ගොල්ලන් වැඩ, මේ නගර සභා වල මොකක්ද කරන්නේ කියලා හොයාගන්න බෑ අපිට. මොකක්ද මේගොල්ලන් කරන්නේ,පාරකින් උනත් භාගයක් හදලා ඉතිරු භාගේ යන්න බෑ. ඇත්තටම කවුරු හරි පිට රටක ඉඳලා ආවත් , ආයෝජකයෝ ආවත් අපිට කතා කරන්න, මගේ රාජ්‍ය අමාත්‍යංශ වන සංචාරක අමාත්‍යංශයේ තේකක් දෙන්න තේ කොළ ටික ගන්න විදියක් නැහැ පෙටි කෑෂ් එකෙන්, ඇත්තටම ලැජ්ජයි. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන රටක්. අපි බිලියන 10කින් මේක ඉවර කරන් නෑ. කඩදාසි ටිකත් රටින් ගෙන්න ඕනි බැනට් පේපර්ස් වලට, තීන්ත ටික රටින් ගෙන්න ඕනි, ඒ එකක්වත් ඇනවුම් කරන්න හිතලවත් නැහැ. කෝ මුදල් මේ රටේ ? ඒ හින්දා මේ විහිලුව නවත්වන්න. ඡන්දයක් අවශ්‍ය නැහැ මේ වෙලාවේ මේ රටට. අපි සියලු දෙනාම එකතු වෙලා මේ රටට, මේ ජනතාවට සහනයක් අරන් දෙමු. ඊට පස්සේ අපි ඡන්ද වලට යමු. එක පෝලිමට තියමු ඡන්ද ,ජනාධිපති ඡන්දෙත් තියමු.ඒ හින්දා මම ඉල්ලා සිටිනවා අපි සියලු දෙනාම එකතුවෙලා මේ රටේ ණය බරින් මිදෙන්න අත්තිවාරම හරි දාගමු.”