Latest News

විදුලි සැර වැදීමෙන් අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට

යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් අඹුසැමි යුවළක් මියගොස්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 59 හැවිරිදි මාසිලාමනී ගුණප්‍රගාසම් සහ 52 හැවිරිදි ගුණප්‍රගාසම් සුගුණා යන අඹු සැමි යුවළයි.

මෙහිදී පොලීසිය සඳහන් කලේ, විදුලි මෝටර්යක් සවිකර තිබු ස්ථානයක මොවුන් දිය නෑම සදහා පැමිණි අවස්ථාවේ මෙලෙස විදුලි සැර වැදී මියගොස් සිටි බවත්, මෝටරයෙන් විදුලිය කාන්දුවී විදුලි සැර වැදී ඇති බවත් සැකකරන බවයි.

මොවුන්ගේ එකම දියණිය යාපනය විශ්ව විද්‍යාලයේ සිසුවියක් වන අතර ඇය පසුගිය (09) වනදා උදෑසන අධ්‍යන කටයුතු සදහා නිවසින් ගොස් නැවත නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ මව්පියන් දක්නට නොවීම නිසා මිදුලේ සොයා බැලීමේ දී දියනෑම සදහා සකස් කර තිබු ස්ථානයේ දෙදෙනාට වැටී සිටිනු දැක ඇති බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.