යුක්රේන යුවළකට මින්නේරියේදී වනඅලි ප්රහාරයක්
විදේශික යුවළක් ගමන් ගත් මෝටර් රථයකට අද (03) දහවල් වනඅලි ප්රහාරයක් එල්ලවී තිබෙනවා.
හබරණ පොළොන්නරුව ප්රධාන මාර්ගයේ මින්නේරිය 38 කණුව ප්රදේශයේදී මෙම වනඅලි ප්රහාරය එල්ලවී ඇති අතර මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ යුක්රේන ජාතික යුවළක්.
ඔවුන් විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකින් පොළොන්නරුව දෙසට ගමන් කිරීමේදී මාර්ගය අයිනේ සිටි මෙම වනඅලියා දැක එහි නතරවී තිබුණා.
පසුව ඡායාරූප කිහිපයක් ගෙන ඇති අතර එහිදී වනඅලියා ඔවුන් දෙසට පැමිණ තිබෙනවා.
ඉන් බියවී ඇති එම විදේශික යුවළ දුවගොස් තිබූ අතර එහිදී වනඅලියා ඔවුන් පැමිණි රථය දෙසට ගමන් කර ඊට පහරදී ඇත.
වනඅලි ප්රහාරයෙන් මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති අතර මාර්ගයේ ගමන් ගත් ටිපර් රථ රියදුරෙක් සිය රථයේ නලාහඬ නංවා වනඅලියා වනයට පළවා හැරීමට කටයුතු කර තිබෙනවා.
පසුව අදාළ විදේශිකයින් දෙදෙනා ඔවුන් නවාතැන් ගෙන තිබූ හෝටලයට ගොස් තිබූ අතර වනඅලි ප්රහාරයට ලක්වූ රථය මින්නේරිය පොලීසිය විසින් එම පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මින්නේරිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.