වනඅලි පහරදීමකින් ගැබිණි මව හා 11 හැවිරිදි පුතුට බරපතළ තුවාල
අනුරාධපුර, ගල්කුලම ප්‍රධාන මාර්ගයේ උට්ටිමඩුව ප්‍රදේශයේ දී එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනා ගමන්ගත් ත්‍රිරෝද රථයට වනඅලියෙකු පහරදී තිබෙනවා.
අද (07) උදෑසන 6.30ට පමණ මොවුන් ත්‍රිරෝද රථයෙන් අනුරාධපුරය බලා ගමන් කරමින් සිටිය දී එලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.
මෙහිදී වනඅලියාගේ පහරදීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් ගැබිණි මව සහ 11 හැවිරිදි පුතා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම මාර්ගයේ වනඅලින් බහුලව සිටින බැවින් ජනතාවට මාර්ගයේ ගමන් කිරීම ඉතාම අවදානම් තත්ත්වයක් බවයි.