Latest News

දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කෙරේ

දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ආරක්ෂක ආඥාපනතේ දෙවන වගන්තිය යටතේ අද (18) සිට හදිසි නීතිය බලාත්මක කෙරෙනවා.

මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයා විසින් (17) රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා සහ සැපයීම් පවත්වාගෙන යාමට මෙලෙස හදිසි නීතිය පැනවූ බවයි.

අදාළ ගැසට් නිවේදනය පහතින්