Latest News

බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණය ජයග්‍රහණය කළ මුසම්මිල්ගේ දියණිය

කොළඹ හිටපු නගරාධිපති සහ ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් මහතාගේ දියණිය වන ශස්නා මුසම්මිල් මහත්මිය මැයි මස 5 වනදා පැවැත්වූ බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් ජයග්‍රහණය කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් ටැටන්නෝ පළාතේ මිල්ටන් කේන්ස් කවුන්සියලය සඳහා ඉදිරිපත් වූ ශස්නා මුසම්මිල් එහි ආසනය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

කන්සර්වේටිව් පක්ෂය ටැටන්නෝ පළාතේ පසුබෑමකට ලක්ව තිබියදීත් ආසනයේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශස්නා මුසම්මිල් මහත්මිය තේරී පත්වී තිබෙනවා.

ශස්නා මහත්මිය කාර්ඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියක් වන අතර බ්‍රිතාන්‍ය විවෘත විශ්ව විද්‍යාලයේ සංවර්ධන කළමනාකරණය පිළිබඳ පශ්චාත් විද්‍යාවේදී උපාධිධාරිනියක් වනවා.