Latest News

ඇමති කිව්වට මුව ආවරණ පළදින්නේ නැතුව ඉන්න එපා

පොදු ස්ථානවලදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහාම අවලංගු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කලේ,විශේෂයෙන් එළිමහන් රැස්වීම්වලදී මුව ආවරණ පැළඳීමට පියවර ගන්නා ලෙසයි.

එමෙන්ම කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා සියලු පියවර ගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.