තරුණියකට සිදුවූ ඇබැද්දිය
17 හැවිරිදි තරුණියකගේ facebook ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ලක් බණ්ඩාරගම පොලිසිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබෙනවා.
එම තරුණිය විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනය අලුත්වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත්වැඩියා කරන පුද්ගලයෙකුට ලබාදුන් බවත් පැය කිහිපයකින් පසු ඔහු එය අලුත්වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත්ය.
ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී තමන්ගේ facebook ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථයෙ නොමැති නිසා නැවත එම පුද්ගලයා හරහා මුහුණුපොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක් ද සක්‍රීය කර ගත් බවට අදාළ තරුණිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
දින දෙකක් පමණ ගතවීමෙන් පසු සිය මිතුරියන් රැසක් තම දුරකථනයට ඇමතුම් ලබා ගෙන “මොනාද ඔයා මේ දාලා තියෙන්නෙ පිස්සු වැඩ කරන්න එපා. ඇයි එහෙම කරන්නේ.” ආදී වශයෙන් ඇයගෙන් විමසා ඇති අතර සිදුවූ දේ පිළිබඳ කිසිවක් නොදත් අදාළ තරුණිය මිතුරියන්ගෙන් ඒ බව විමසීමේ දී ඔවුන් පවසා ඇත්තේ ඇය මුදලට අලෙවි වන තරුණියක් බව පවසා facebook දැන්වීමක් පළ කර ඇති බවයි.
“සෙක්ස් කරන්න කැමතිනම් 3,000 ක් අරගෙන එන්න – මම බණ්ඩාරගම” යනුවෙන් සඳහන් කර වෙනත් තරුණියන්ගේ නිරුවත් පින්තූර කිහිපයක් ද ඇගේ facebook හරහා සමාජගත කර තිබූ බවට පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන්.
එම වැකිය සහ නිරුවත් ඡායාරූපද ඇය ජංගම දුරකථනය හරහා ලබාගත් ඡායාරූප සියල්ල ද අදාළ තරුණිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ වැකිය හා ඡායාරූප දැකීමෙන් කම්පනයට පත් තරුණිය පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා හමුවට ගොස් සිය චරිතයට හානි කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරදෙන මෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව බණ්ඩාරගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂක අනූෂා හේමමාලි මහත්මිය ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් තොරතුරු විමසා ඇගේ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමට ලබා දුන් 20 හැවිරිදි විවාහක පුද්ගලයා පොලීසියට කැඳවා තිබෙනවා.
පසුව ඔහුගෙන් විමසීමේ දී පවසා ඇත්තේ අදාළ තරුණියගේ සහ තම ඥාතීන් අතර ඇති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදුකළ බවයි.
ඒ අනුව කෝඩින් හැක් කර අදාළ ගිණුම ලබාගෙන තමන් එවැනි නුසුදුසු පෝස්ට් facebook හරහා ප්‍රසිද්ධ කළ බවට අදාළ තරුණයා පිළිගෙන තිබෙනවා.
මෙහිදී බණ්ඩාරගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ, තරුණිය සිදුකළ පැමිණිල්ල සහ ජංගම දුරකථන අලුත්වැඩියා කරන්නාගේ ප්‍රකාශ සහිතව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කටයුතු යොමුකළ බවයි.