Latest News

මුව ආවරණ ඉවත් කළ හැකිද?

මෙරට තුළ මුව ආවරණ මුළුමනින් ම ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මුව ආවරණ ඉවත් කිරීමට හැකි බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැති බවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එවැනි කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නො මැති බවත් ඔහු අවධාරණය කළා.

බූස්ටර් මාත්‍රාව 40%කට ආසන්න ප්‍රමාණයකට පමණක් තවම ලබා දී ඇති අතර එය 70%ක් 80%ක ප්‍රමාණයකට පැමිණි පසු දැනට පවතින මාර්ගෝපදේශ ඉවත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඔහු පවසනවා.

මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් දැනට කිසිසේත්ම මුහුණු ආවරණ ඉවත් කිරීමේ හැකියාවක් නොපවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කලේ, ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන නිර්ණායක සහ විද්‍යාත්මක හේතු පදනම් කොටගෙන මිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පමණක් එවැන් බරපතළ තීරණයක් ගත නොහැකි බවත් එමෙන්ම මේ වන තුරු මුව ආවරණ පූර්ණ වශයෙන් ඉවත් කළ ලොව කිසිදු රටක් නොමැති බවයි..