ව්‍යාජ වෛද්‍ය පීඨ හැඳුනුම්පතක් සාදා ගත් තරුණියක් රිමාන්ඩ්
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් ලෙස ව්‍යාජ හැඳුනුම්පතක් සකසා ගෙන යාපනයේ කුළී කාමරයක තනිවම ජීවත් වූ තරුණියක් කෝපායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී පොලීසිය සඳහන් කලේ, ප්‍රදේශවාසීන් හට ඇය පිළිබඳව ඇති වූ සැකයක් හේතුවෙන් සිදුකළ පැමිණිල්ලක් මත පොලීසිය අදාළ තරුණිය හා ඇගේ කාමරය පරීක්ෂා කිරීමේදී එම ව්‍යාජ හැඳුනුම්පත සොයාගත් බවයි.
අදාළ හැඳුනුම්පත පිළිබඳව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් විමසා බැලීමේදී එම හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
ඒ අනුව අත්අඩංගුවට ගනු ලැබූ තරුණිය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබෙනවා.