මාස 6ක් පුරාවට පවුල් ලක්ෂ 33කට 5000ක දීමනාවක්
ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.
ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බව එම අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා සඳහන් කළා.
මාස 6 ක් සඳහා අදාළ දීමනාව ලබා දෙන බව ද ඔහු කියා සිටියා.