Latest News

තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ…

පුද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඒ, ආණමඩුව පොලිස් වසමේ පිටලේවැල ප්‍රදේශයේදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ 65 හැවිරිදි මහ උස්වැව – ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අදාළ සිදුවීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මහේස්ත්‍රාත් පරීක්‍ෂණය  සිදු කිරීමට නියමිත අතර ආණමඩුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.