Latest News

අභිරහස් ලෙස මිය ගිය පියා සහ දියණිය

කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු අන්දමින් මියගොස්ව සිටි පියෙකු සහ දියණියකගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, කළුතර හීනටියන්ගල සිසිල් උයන ග්‍රීන් ෆීල්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි සමරසිංහගේ සුනිල් ජයසිංහ සහ ඔහුගේ දියණිය වන 33 හැවිරිදි සමරසිංහගේ සචිත්‍රා හංසමාලී ජයසිංහ නැමැති අවිවාහක තරුණියක්.

එම නිවසේ මාපියන් සහ දියණිය පදිංචිව සිට ඇති අතර, පියා පුටුවක් මත සහ දියණිය සාලයේ බිම මියගොස් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්, හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුරු කළුතර දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.