Latest News

ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලත් නැතිවෙයි

ගැබිණි මව්වරුන් සඳහා ලබා දෙන පෝෂණ මල්ල මාස ගණනාවක සිට ලබා දී නොමැති බව කිරි දෙන මව්වරුන් හා ගැබිණි මව්වරුන් පවසනවා.

මේ සම්බන්ධව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ල ලබාදීමේ ව්‍යාපෘතිය නවතා දමා ඇති බවයි.

එය යලි ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත් එම ප්‍රතිපාදන මෙම මාසය තුළ ලැබෙනු ඇති බවත් මෙම පෝෂණ ව්‍යාපෘතිය යටතේ ගැබිණි හා කිරිදෙන මව්වරුන් 150 000 කට අධික පිරිසකට රු. 4500 ක් වටිනා පෝෂණ මල්ලක් ලබා දීමට පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් වර්තමානයේ භාණ්‌ඩ හා ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව ගර්භනී හා කිරිදෙන මව්වරුන් සඳහන් කරනවා.