Latest News

ලොව ලාබාලතම අගමැතිනිගෙන් ආන්දෝලනාත්මක වීඩියෝවක්

ලොව ලාබාලතම අගමැතිනිය ලෙස ප්‍රකට ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින්ගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්ව තිබෙනවා.

අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ, ෆින්ලන්තයේ ප්‍රසිද්ධ පුද්ගලයින් හා මිතුරු මිතුරියන් පිරිසක් සමග ඇය විනෝද වෙමින් කාලය ගත කරන අයුරුයි.

මේ හේතුවෙන් එරට විපක්ෂය චෝදනා කර ඇත්තේ, අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවයි.

එමෙන්ම ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවට ඔවුන් කියා සිටියා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, තමන් මත්පැන් පානය කර ගී ගයමින්, නර්තනයේ යෙදුනත් කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් නොගත් බවත් තමාගේ පෞද්ගලික වීඩියෝවක් මෙලෙස සමාජගත කරමින් චෝදනා එල්ල කිරීම යුක්ති සහගත නොවන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.