ෆින්ලන්ත අගමැතිනිය මත්ද්‍රව්‍ය පාවිච්චිකර නැහැ – පරීක්ෂණයෙන් හෙළි වෙයි
ෆින්ලන්ත අගමැති සානා මැරින්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘණාත්මක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලොව ලාබාලතම අගමැතිනිය ලෙස ප්‍රකට ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරියගේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් පසුගිය දා දැඩි කතා බහට ලක්වුණා.
අදාළ වීඩියෝවේ දැක්වෙන්නේ, ෆින්ලන්තයේ ප්‍රසිද්ධ පුද්ගලයින් හා මිතුරු මිතුරියන් පිරිසක් සමග ඇය විනෝද වෙමින් කාලය ගත කරන අයුරුයි.
මේ හේතුවෙන් එරට විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවට චෝදනා කරනු ලැබුවා.
එමෙන්ම ඇය මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු බවට ඔවුන් කියා සිටියා.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබුනේ, තමන් මත්පැන් පානය කර ගී ගයමින්, නර්තනයේ යෙදුනත් කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් නොගත් බවත් තමාගේ පෞද්ගලික වීඩියෝවක් මෙලෙස සමාජගත කරමින් චෝදනා එල්ල කිරීම යුක්ති සහගත නොවන බවයි.
සිව් හැවිරිදි දියණියක සිටින අගමැතිනිය, විවේචකයන්ට අවධාරණය කර සිටින්නේ, ඇය ෆින්ලන්ත රජයේ ප්‍රධානියා වුවද, ඇය තම විවේක කාලය තුළ මිතුරන් හා පවුලේ අය සමග විනෝද වීමට කැමති තම වයසේ සිටින, අන් අය හා සමාන කෙනෙක් බවයි.
කෙසේනමුත් අවසානයේ අදාළ සිද්ධිය සම්බන්ධ කරගෙන ඇයට එරෙහි විවේචන එල්ල කළ සියලු දෙනාට ම ඇය නීත්‍යානුකූල අයුරින් පිළිතුරු දී තිබෙනවා.