තෙමහල් ගොඩනැගිල්ලක ගින්නකින් ළමුන් 8ක් ඇතුළු 12ක් මරුට
අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයින් අතර ළමුන් 08 දෙනෙකු ද වන බව වාර්තා වේ.
තෙමහල් ගොඩනැගිල්ලක ගින්න හටගෙන ඇති අතර එම අවස්ථාවේ පුද්ගලයින් 26 දෙනෙකු එහි සිට ඇත.
කෙසේවෙතත් ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් හට පැයකට ආසන්න කාලයක් ගත වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.