සිරුරට ගිනි ඇවිලීමෙන් තිදරු පියෙකු මරුට
ආපන ශාලාවක මුළුතැන්ගෙය තුල දී පුද්ගලයෙකු සිරුරට ගිනි ඇවිලීමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව ලිදුල පොලිසිය පවසනවා.
අද (14) දින උදැසන 8 ට පමණ සිදුවූ අනතුරින් මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, ලිදුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙක්.
මෙම පුද්ගලයා ලිදුල නගරයේ ආපනශාලාවක කෝකිවරයෙකු වශයෙන් සේවය කළ බවත්, සුපුරුදු පරිදි ආහාර පිසිමින් සිටියදී මෙලෙස සිරුරට ගිනි ඇවිලීමෙන් මියයන්නට ඇතැයි සැකකරන බවත් සිද්ධිය සම්බන්ධ පරික්ෂණය පවත්වන ලිදුල පොලිසිය පවසනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ආපන ශාලාවේ කිසිවෙකු සිට නොමැති බවත්, තමන් එහි පැමිණ පරික්ෂා කරන අවස්ථාවේ කෝකිවරයා සිරුරට ගිනි ඇවිලීමෙන් මුළුතැන්ගෙයි මියගොස් සිටි අයුරු දුටු බවත් ආපන ශාලා හිමිකරු පවසා තිබෙනවා.