Latest News

ගුවන්යානා අනතුරකින් ප්‍රකට සංගීත නිෂ්පාදකයෙකු ඇතුළු 9ක් මරුට

පෞද්ගලික ගුවන්යානයක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඩොමිනිකන් රාජ්‍යයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වී තිබෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයින් අතර කාර්ය මණ්ඩලයේ තිදෙනෙක්ද වන අතර මියගිය පිරිසෙන් 6 දෙනෙක් අමෙරිකානු ජාතිකයින් වනවා.

මෙම අනතුරින් ප්‍රකට සංගීත නිෂ්පාදකයෙක් වන ජොසේ හර්නැන්ඩස්, ඔහුගේ බිරිඳ සහ දරුවාද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.

ලතින් අමෙරිකාවේ සහ අමෙරිකාවේ ජනප්‍රිය ගීත කිහිපයක් ජොසේ හර්නැන්ඩස් විසින් නිර්මාණය කර තිබෙනවා.