ඔස්ට්‍රේලියාවේ ගංවතුරකට හසුවී ශ්‍රී ලංකික මවක් හා පුතෙක් මරුට
ඔස්ට්‍රේලියාවේදී ගංවතුරට හසුවීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් හා ඇයගේ පුතු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, 67 හැවිරිදි හේමලතා සෝල්හිර් සහ එම කාන්තාවගේ පුතු වන 34 හැවිරිදි වියේ පසු වූ බ්‍රමුත් නම් තරුණයායි.
ගංවතුරට හසුවී අතුරුදන්ව සිටි මවගේ සහ පුතුගේ දේහයන් බටහිර සිඩ්නි ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී සොයාගෙන තිබෙන අතර ඔවුන් ගමන් ගත් මෝටර් රථය හමුවූ ස්ථානයේ සිට කිලෝමීටරයක පමණ දුරකින් ඔවුන්ගේ දේහයන් සිරවී තිබියදී මෙලෙස සොයාගෙන තිබෙනවා.
අනතුරුදායක මාර්ගවලින් ඉවත්ව සිටින ලෙසට ජනතාවට අනතුරු ඇඟවීම් 170ට ආසන්න ප්‍රමාණයක් සිදුකර තිබියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස ජිවිතක්ෂයට පත්වූ කාන්තාව ඕස්ට්‍රේලියාවේ දමිළ ප්‍රජා ගුවන් විදුලි නාලිකාවක නිවේදිකාවක් ලෙස කටයුතු කර තිබුණා.
කෙසේවෙතත් ඇය විවිධ රෝගාබාධවලින් පෙළුණු කාන්තාවක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.