Latest News

රත්‍රං හා විදේශීය දුම්වැටි රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ රත්‍රං සහ විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව ඊයේ (13) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළා.

අදාළ සැකකාරිය ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය සතුව තිබී රත්‍රං ග්‍රෑම් 116 මිලිග්‍රෑම් 600ක් සහ විදේශීය දුම්වැටි පැකට් 94ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය සහ අදාළ භාණ්ඩ පොලීසිය විසින් රේගුවට වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.