මෙරට සංචාරක හෝටලයකදී විදෙස් ජාතික තරුණියකට අතවරයක්
බෙන්තොට ප්‍රසිද්ධ සංචාරක හෝටලයකදී 26 හැවිරිදි මියන්මාර් ජාතික තරුණියකට අතවර කළ බව යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු ඊයේ දිනයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම හෝටලයේ 40 හැවිරිදි හිමිකරු සහ එහි සේවය කළ 28 හා 23 යන වයස් වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකුයි.
මෙම තරුණිය සංචාරක හෝටලය ආසන්න අවන්හලකට ආහාර ගැනීමට ඇගේ මිතුරියක් සමග ගොස් සිටියදී, එහිදී ඇණවුම් කර තිබෙන පානයකට කිසියම් මත්ද්‍රව්‍යයක් මුසුකර අනතුරුව ඇයට අතවර කර ඇතැයි පොලිස් පැමිණිල්ලේ සඳහන්.
සිද්ධිය වූ දින එම අවහන්හලට ගොස් ඔවුන් දෙදෙනා ඇනවුම්කර තිබෙන පානයක් බීමෙන් පසු අසාමාන්‍ය මත්ගතියකට පත්ව ඇති අතර එහිදී එක තරුණියක් තමන් නැවතී සිටි හෝටලයට පැමිණ පියවි තත්ත්වයට පත්වීමෙන් අනතුරුව තම මිතුරිය නොමැති බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම්දී ඇති බව පොලිස් විමර්ශන මගින් අනාවරණයවී තිබෙනවා.
අදාළ සිද්ධියෙන් පසු හෝටල් කළමනාකාරිත්වය සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
අතවරයට ලක්වූ තරුණිය මේ වන විට බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.