රක්ෂිත දෙකක හටගත් ගින්නෙන් පරිසර කලාප වලට හානි
පේරාදෙණිය – ගලහ මාර්ගයේ කෝණ පාලම අසල රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ එය නිවා දැමීම සඳහා යෙදවූවා.
මේ අතර, පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ද ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන ඇති අතර එය අද (02) අලුයම දක්වා පැවති බවටයි වාර්තා වනවා.
ගින්නෙන් රක්ෂිතයේ සංවේදී පරිසර කලාපයට ද හානි සිදුව තිබෙනවා.