චන්ද්‍රිකා කුමාරණතුංග සමගි ජන බලවේගයට ?
සමස්ත විපක්ෂයම සමගි ජන බලවේගය සමග එක්වීම සඳහා සාකච්ඡා කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග මහත්මිය පවසනවා.
ඇය මේ බව සඳහන් කලේ ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස්පළ කළා.
ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කලේ අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන පුද්ගලයෙකුට සහය ලබාදෙන බවත්, ඉදිරියේදී ඊට අදාළ වැඩපිලිවෙල ජනගත කරන බවත් ය.