G.M.O.A දියත් කරන්න යන වැඩ වර්ජනයට අපි විරුද්ධයි
සේවා ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහල් තුළ ක්‍රියාත්මක කිරීමට යන වැඩවර්ජනයට විරෝධය පළකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවැසීය.
ඊයේ (15) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් වන වෛද්‍ය නවින්ද සොයිසා, වෛද්‍ය ලතාහරන්, වෛද්‍ය ආරියරත්න යන අයගේ වුවමනාව මත මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඔහු වැඩිදුරටත් පැවැසීය. එසේම මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය ඉතාම දුර්වල තැනක පවතින බවත් කොවිඩ් මර්දන ව්‍යාපාරය ඉතාම අසාර්ථක වී ඇති බවද ඔහු සඳහන් කළේය. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉතා අසාර්ථක බවත් ඔහු දෙවන පෙළකට රාජකාරි කිරීමට අවස්ථාව ලබානොදෙන බවද ඔහු පැවැසීය.
වරුණි පෙරමුණ