Latest News

ගලබොඩ දිය ඇල්ලේ සැඩ පාරට හසුවූ තරුණියගේ සිරුර සොයා ගැනෙයි

තරුණයෙකු සමග ගලබොඩ දිය ඇල්ල නැරඹිමට ගොස් සැඩ පහරට හසු වී පසුගිය (01) වනදා දින අතුරුහන් වු 17 හැවිරිදි තරුණියගේ සිරුර ඊයේ (04) පස්වරුවේ හමු වූ බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, පේරාදෙණිය – පැණිදෙණිය ප්‍රදේශයේ පදිංචි සිතුමිණි සුගන්‍යා නැමති තරුණිය යි.

අදාළ තරුණිය සිය පෙම්වතා සමග පසුගිය (01) වනදා නාවලපිටිය ගලබොඩ දිය ඇල්ල නැරඹීමට ගොස් තිබුණා.

ඔවුන් ආපසු නිවස කරා යන අවස්ථාවේ නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග තරුණයා සහ තරුණිය සැඩ පහරට හසු වී ඇති අතර, ඉන් තරුණයා දිවි බේරාගත් බව සඳහන්.

සැඩ පහරට හසු වී අතුරුදන්ව සිටි තරුණිය සොයා නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණ ද ගලබොඩ දිය ඇල්ලේ සිට මහවැලි ගගට ජලය ගලා බසිනා ගලබොඩ ඇලේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබු නිසා සිරුර සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (04) පස්වරුවේ ගලබොඩ ඇලේ කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් නාවලපිටිය පොලිසිය දැනුම් දීමක් කර තිබෙනවා.

එහිදී අතුරුදන්ව සිටි තරුණියගේ ඥාතින් සමග නාවලපිටිය පොලිසියේ නිලධාරින් සිරුර හමුවූ ස්ථානයට ගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේ දී එම සිරුර අතුරුදහන්ව සිටි තරුණියගේ සිරුර බව ඇයගේ ඥාතින් විසින් හඳුනාගෙන තිබෙනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නාවලපිටිය පොලිසිය සිදුකරනවා.