කොළඹට වගේම ගාල්ලටත් පෝට් සිටියක්
කොළඹ වරාය නගරය හා සමාන සංචාරක කලාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ද ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
ගාල්ල වරාය සංවර්ධනයේදී,නව දියකඩනයක් නිර්මාණය කිරීම,මගී නෞකා සඳහා නව මගී පර්යන්තයක් නිර්මාණය කිරීම සහ හෙක්ටයාර 40ක භූමි ප්‍රදේශයක් මුහුද ගොඩකර නව භූමියක සංචාරක කලාපයක් ඇති කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළා.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ හරහා යොට්ච් මැරීනා කලාපයක්,දිය මත ඉදිවෙන සංචාරක නිකේතන,ජල ක්‍රීඩා ප්‍රදේශ සහ හෝටල් ඉදිකිරීම සඳහා දේශීය සහ විදේශීය ආයෝජකයන් වෙත අවස්ථා උදා කර දීමට අපේක්ෂා කරන බවයි.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කෙරෙන බව ඊයේ(26) පස්වරුවේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.