බිරිඳට දුන් හාදුව නිසා සැමියා අවට පිරිසගෙන් පහර කයි
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් ලබාදීම නිසා අවට සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා.
එම සිද්ධිය පසු එම ස්ථානයේ සිටි පිරිස විසින් අදාළ යුවල ගඟෙන් පන්නා දැමීමට ක්‍රියා කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
අයෝධ්‍යා පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොත්වාලි පොලිස් ස්ථානයට නියෝග කර ඇති බවයි.
රාම දෙවියන්ගේ උපන් ස්ථානය ලෙස සරයු ගං ඉවුර ජනශ්‍රැතිය සහ ආගමික විශ්වාස මත ප්‍රසිද්ධ වනවා.
මේ හේතුවෙන් සරයු ගංගාව ‘ගංගා’ නම් ගංගාවේ අතු ගංගා හතෙන් එකක් වන අතර, හින්දු භක්තිකයන් එය ශුද්ධ ලෙස සිය සංස්කෘතිය තුළ වන්දනා මාන කරනවා.