Latest News

ගානියා බැනිස්ටර්ට එරෙහි නඩුව කල් යයි

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහිව ගොනුකර ඇති නඩුව ලබන වසරේ ජනවාරි 11 යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.

ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි.

අදාළ නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතු කර තිබෙන මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය විසින් අද (08) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා කොළඹ කුරුදුවත්ත ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසළදී සුදු වෑන් රථයකින් පැමිණි සන්නද්ධ පුද්ගලයින් කණ්ඩායමක් තමන්ම පැහැරගෙන ගොස් තර්ජනය කොට ලිංගික හිරිහැර සිදුකළ බවට, අසත්‍ය පැමිණිල්ලක් සිදුකළේ යැයි චෝදනා කරමින් අදාළ විත්තිකාරිය ට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනුකර තිබෙනවා.