ගෑස් කාන්දු හඳුනා ගන්න තරුණයෙක්ගෙන් උපකරණ දෙකක්
ගැස් කාන්දුවක් ගැන කලින් අනතුරු අඟවන උපකරණ දෙකක් පිලියන්දල ප්රදේශයේ තරුණයකු විසින් නිපදවා තිබෙනවා.
වොල්ට් 6 විදුලි ධාරාවක් ක්රියාත්මක වන මෙම උපකරණය නිවසේ මුළුතැන්ගෙයි ගෑස් ලිපට ආසන්නව බිත්තියේ සවි කරගත හැකි ලෙස නිපදවා ඇත.
මෙම එක් උපකරණයක් පැය 24 පුරාම ක්රියාත්මකව තැබිය හැකි බව එම උපකරණය නිෂ්පාදනය කළ බුද්ධික පෙරේරා මහතා පවසනවා.
ගෑස් ලිපෙන් ,රෙගුලේටරයෙන්, බටයෙන් හෝ සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් සිදු වුවහොත් සෙන්සරයක් මගින් හඳුනාගෙන ඒ බව නිවෙස් හිමියාට නාදයකින් දැනුම් දී අනතුර දුරු කර ගැනීමට අවකාශ සලසා දීමේ හැකියාවක් මෙම උපකරණයට පවතිනවා.
නැවත පණ ගැන්විය හැකි බැටරියකින් ක්රියාත්මක අනෙක් උපකරණය ඕනම ස්ථානයකට රැගෙන යා හැකි ලෙස නිපදවා තිබෙනවා.
මෙම උපකරණය සඳහා ෆෑන් එකක් සවිකර ඇති අතර ඊට අමතරව වෝල්ටීයතාව දැක්වෙන පුවරුවක් ද මතුපිටින් සවි කර ඇත.
එම උපකරණයෙන් ද පෙර උපකරණය මෙන් ගෑස් කාන්දුව සුවඳ මගින් හඳුනා ගෙන අවදානම් කලාපයක් බව දැනුවත් කිරීම ද මෙමගින් සිදු කරන බව ඔහු සඳහන් කළා.
නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී ගෑස් කාන්දුවක් ඇති වුවහොත් ගෑස් මුළුතැන්ගෙයි පිරී තිබී දැඩි අනතුරක් විමේ හැකියාවක් ඇති හෙයින් ඊට පිළියමක් ලෙස මෙම උපකරණය තවත් වැඩි දියුණු කරමින් ෆෑන් එකක් සවිකර ඇති අතර එයද ක්රියාත්මක වී එමගින් මුළුතැන්ගෙයි තිබෙන ගෑස් විසිර වීම සිදුකරන බව නිර්මාණ ශිල්පී බුද්ධික පැවසුවා.