Latest News

ආනයනය කළ අලුත් ගෑස් තොගය ප්‍රතික්ෂේප කරයි

ලිට්රෝ සමාගම විසින් පසුගිය දා ආනයනය කළ ගෑස් තොගය ප්‍රතික්ෂේප කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

ඒ, අදාළ ගෑස් තොගයේ ප්‍රමාණවත් තරම් එතිල් මර්කැප්ටන් නො මැති බවට අනාවරණ වීමත් සමඟයි.

මේ අතර, ප්‍රමිතිය වෙනස් කරමින් ගෑස් වෙළෙදපොළට නිකුත් කිරීම හරහා අනතුරු සිදුවීම සම්බන්ධයෙන් අදාළ ගෑස් සමාගම්වලට එරෙහිව ලබන සතියේ නඩු මඟට පිවිසෙන බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ, තම අධිකාරියට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.

කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඇති එම නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ බාන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (14) දිනයේදී තීරණයක් ගැනීම ට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය මීට පෙර සඳහන් කර තිබුණා.

මෙම ගෑස් නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණි අතර එහි ඇති ගෑස්වල සාම්පල පරීක්ෂාව අදාළ අංශ විසින් සිදුකරනු ලැබුවා.

අදාළ නැවෙහි පවතින ගෑස්වල සංයුතිය සුළු හෝ ප්‍රමාණයක වෙනසක් පවතින්නේනම් කිසිසේත් අවසර ලබානොදෙන බවද එම අධිකාරිය සඳහන් කර තිබුණා.